ප්‍රෙටෝරියා කැපිටල්ස් ප්‍රධාන පුහුණුකරු ධූරය ජොනතන් ත්‍රොට්ට

Date:

SA20 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Pretoria Capitals කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ජොනතන් ත්‍රොට් පත් කර තිබෙනවා.

ඒ, මීට පෙර එම ධූරයේ කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ් ධූරයෙන් ඉවත් වීමට පසුගිය මාසයේ දී කටයුතු කිරීම හේතුවෙන්.

එංගලන්ත හිටපු ක්‍රීඩකයෙකු වන ජොනතන් ත්‍රොට් මේ වන විට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ඔහු 2022 වසරේ දී එම ධූරය භාර ගත් අතර, පසුගිය ජනවාරි මාසයේ දී ඔහුගේ ධූර කාලය 2024 වසර අවසන් වන තුරු දීර්ඝ කෙරුණා.

ත්‍රොට්ගේ ධූර කාලය දෙසැම්බර් මාසයෙන් පසුව තවදුරටත් දීර්ඝ කරනු ඇත්දැයි මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියේ 2025 අදියර ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...