ආසියානු ශූර කාන්තා කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් කෝටි ගණනක මූල්‍ය ත්‍යාගයක්

Date:

කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක මුදලක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පිරිනැමීමටයි පියවර ගෙන ඇත්තේ.

දඹුල්ලේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කරමිනුයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ඊයේ ජය ගනු ලැබුවේ.

මීට පෙර ආසියානු කුසලාන තරගාවලි පහක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ නමුත්, එම අවස්ථා පහේ දී ම ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබුණා.

මෙවර තරගාවලියේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 165 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.

එය ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි 20 කාන්තා තරගයක් සාර්ථක ලෙස හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...