ස්මිත් හා මැක්ස්වෙල්ගේ ප්‍රහාරය හමුවේ MLC ශූරතාවය වොෂින්ටන් කණ්ඩායමට

Date:

ස්ටීවන් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඇමෙරිකාවේ පැවැති මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Washington Freedom කණ්ඩායම මෙරට වේලාවෙන් අද (29) පෙරවරුවේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී San Francisco Unicorns පරදා ලකුණු 96 ක ජයක් වාර්තා කරමින්.

Dallas හි පැවැති තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට සිදු වූ Washington කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 207 ක් ලබා ගනිමින්.

නායක ස්මිත් පන්දු 52 කින් ලකුණු 88 ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 7ක් සමගින්. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 40(22) යි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 35 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ San Francisco කණ්ඩායමට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.

Carmi le Roux නොදැවී ලකුණු 20 ක් රැස් කළ අතර, ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 18 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජැන්සන් ලකුණු 28 කට කඩුලු 3 ක් ද, රචින් රවීන්ද්‍ර ලකුණු 23 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...