ICC තහනමෙන් ගැළවෙන්න ඇමෙරිකා ක්‍රිකට් ආයතනය එක් ගැටලුවකට විසදුම් සපයයි

Date:

ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය (USAC) විසින් සිය නව ප්‍රධාන විධායක නිළධාරී ලෙස Johnathan Atkeison පත් කර තිබෙනවා.

ඒ, සාමාජිකත්වය අත්හිටුවීමට හෝ නෙරපා හැරීමට කටයුතු කරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පසුගිය සතියේ දී ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයට එරෙහිව අනතුරු ඇගවීමක් සිදු කර තිබූ පසුබිමකයි.

ICC සාමාජිකත්ව නිර්ණායකවලට අනුකූල නොවී ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බවත්, එය නිවැරැදි කර ගැනීම සදහා ඔවුන්ට වසරක කාලයක් ලබා දෙන බවත් අයි.සී.සීය දැනුම් දී තිබුණා.

ඇමෙරිකා ක්‍රිකට් ආයතනය යහපත් පාලනයක්, පරිපාලන ව්යුහයක් සහ පද්ධතියක් පවත්වාගෙන නොයන බවටයි අයි.සී.සීය පෙන්වා දී තිබුණේ.

ඇමෙරිකානු ක්‍රිකට් ආයතනය ICC සාමාජිකත්ව නිර්ණායකවලට අදාළ කරුණු දෙකක් උල්ලංඝනය කර තිබූ අතර, ඉන් එක් කරුණක් වූයේ පූර්ණකාලීන ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැති වීමයි.

මෙම නව පත් කිරීමත් සමග එම ගැටලුව විසදා ගැනීමට ඇමෙරිකානු ක්‍රිකට් ආයතනයට හැකි වී තිබෙනවා.

එරට ක්‍රිකට් ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුවේ පිළිගැනීමක් නොතිබීම ද ඔවුන් මුහුණ දී සිටින තවත් ගැටලුවක්. ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුවේ පාලන සම්මතයන්ට අනුකූල නොවීම හේතුවෙනුයි ඇමෙරිකා ක්‍රිකට් ආයතනයට මෙම අර්බුදයට මුහුණ දීමට සිදුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...