ඩ්‍රාවිඩ්ගේ පුතා රුපියල් 50,000 කට වොරියර්ස් කණ්ඩායමට අලෙවි වෙයි

Date:

ඉන්දීය හිටපු නායකයෙකු මෙන්ම හිටපු පුහුණුකරු ද වන රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුත්‍රයා වන සමිත් ඩ්‍රාවිඩ් Maharaja Trophy KSCA T20 තරගාවලියට අදාළව සිය පළමු කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබෙනවා.

ඒ, එම තරගාවලියේ පසුගියවර අනුශූරයින් වන Mysuru Warriors කණ්ඩායම විසින් ඔහුව බැංගලූරුහී දී පැවැති වෙන්දේසියේ දී මිලදී ගැනීමත් සමගයි.

18 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩ්‍රාවිඩ් ඉන්දීය රුපියල් 50,000 ක මිලකට එම කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

2023-24 Cooch Behar කුසලානය ජය ගත් කර්නාටක වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ද ඔහු නියෝජනය කළා.

සමිත් ඩ්‍රාවිඩ් මද‌ වේග පන්දු යවන්නෙකු මෙන්ම මැද පෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...