සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 210 කට සීමා වෙයි

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් ඊයේ(25) රාත්‍රියේ නිමා වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය නියමිත කාලයට පෙර අවසන් කිරීමට සිදු වූ අතර, ඒ වන විට සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 71.3 ක් තුළ සියලු දෙනා දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 210 ක්.

Belfast හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 97 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට Joylord Gumbie හා Prince Masvaure සමත් වුණා.

Masvaure ලකුණු 74 ක් රැස් කළ අතර, Gumbie ලකුණු 49 කට දැවී ගියා. Sean Williams ලකුණු 35 යි. Dion Myers ලකුණු 10 කට දැවී ගිය අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී Barry McCarthy ලකුණු 42 කට කඩුලු 3 ක් ද, Andy McBrine ලකුණු 37 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...