ඇෆ්ඝනිස්ථානය හා නවසීලන්තය අතර ඓතිහාසික ටෙස්ට් තරගයක්

Date:

ඇෆ්ඝනිස්තානය හා නවසීලන්තය අතර සැප්තැම්බර් මාසයේ දී ටෙස්ට් තරගයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම තරගය ඉන්දියාවේ Greater Noida හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඇෆ්ඝනිස්තානය හා නවසීලන්තය අතර මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් පවත්වා නොමැති අතර, ඒ අනුව මෙම තරගය දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලෙසයි ඉතිහාසගත වීමට නියමිතව ඇත්තේ.

මෙය ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කරන සිය 10 වැනි ටෙස්ට් තරගය වනු ඇති. එමෙන්ම 2024 වසරේ දී ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය වන්නේ ද මෙම තරගයයි.

මීට පෙර ඇෆ්ඝනිස්තානය එක් වසරක් තුළ දී ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කර නොමැති අතර, ඒ අනුව මෙම වසර වාර්තා අතරට එක්වන්නේ ඇෆ්ඝනිස්තානය වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරන වසර ලෙසයි.

ඇෆ්ඝනිස්තානය මෙම වසරේ දී මෙතෙක් ක්‍රීඩා කළ ටෙස්ට් තරග දෙකම ශ්‍රී ලංකාව හා අයර්ලන්තය හමුවේ පරාජයට පත් වුණා.

ටෙස්ට් තරගය සැප්තැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

අනතුරුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා හා ඉන්දීය ටෙස්ට් තරග සංචාරවල ද නිරත වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...