ජෙරාල්ඩ් කොට්සීට කොදෙව් ටෙස්ට් තරගාවලිය අහිමි

Date:

ආබාධයක් (side strain) හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සීට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඇමෙරිකාවේ පැවැත්‌වෙන මේජර් ලීග් ක්‍රිකට් (MLC) තරගාවලිය අතරතුර දී යි ඔහු මෙම ආබාධයට ලක්ව ඇත්‌තේ.

ඔහු වෙනුවට Migael Pretorius සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති අතර, පළමු පෙල තරග 64 ක් ක්‍රීඩා කර තිබෙනවා.

Texas Super Kings කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී ආබාධයකට ලක් වූ ජෙරාල්ඩ් කොට්සී මේ වන විට යළි වැඩිදුර ප්‍රතිකාර සදහා දකුණු අප්‍රිකාවට පැමිණ ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය අගෝස්තු 7 වැනිදා Port-of-Spain හී දී ආරම්භ වන අතර, අනතුරුව තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Updated South Africa Test squad

Temba Bavuma (c), David Bedingham, Matthew Breetzke, Nandre Burger, Tony de Zorzi, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Lungi Ngidi, Dane Paterson, Dane Piedt, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton, Kyle Verreynne, Migael Pretorius.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...