Women’s T20 Asia Cup : ඉන්දියාව හා පාකිස්තානය අවසන් පූර්ව වටයට

Date:

2024 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව හා පාකිස්තානය අද(23) සමත් වුණා.

ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් නේපාලය පරදා ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 82 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව ක්‍රීඩා කළ තරග තුනම ජය ගත් ඉන්දියාව “A” කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් අතර, පාකිස්තානය තරග තුනෙන් තරග දෙකක් ජය ගනිමින් දෙවැනි ස්ථානය දිනා ගත්තා.

අද රාත්‍රියේ දඹුල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 178 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

Shafali Verma ලකුණු 81 ක් ලබා ගත්තේ පන්දු 48 ක් වැය කරමින්. හයේ පහරක් හා හතරේ පහර 12 ක් ඇයගේ ඉනිමට ඇතුළත්. Dayalan Hemalatha ලකුණු 47 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණයි.

Sita Rana Magar ලකුණු 18 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී Deepti Sharma ලකුණු 13 කට කඩුලු 3 ක් දවා ගත්තා. Arundhati Reddy හා Radha Yadav කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...