SL vs IND : චමීරට ඉන්දීය තරගාවලි අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 හා එක්දින තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු මේ වන විට අසනීප තත්ත්වයකින් පසුවන අතර, ඊයේ දිනයේ දී ඔහුගේ වෛද්‍ය වාර්තා ලැබුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා අද (24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ඒ අනුව ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද සභාපතිවරයා සදහන් කර සිටියා.

විවිධ ආබාධවලට ද ලක්වීම හේතුවෙන් ඔහුට පසුගිය කාලයේ දී ද තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

කෙසේ වෙතත්, ඉන්දියාව සමග එළඹෙන 27 වැනිදා ආරම්භ වන විස්සයි 20 තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඔහුව නම් කිරීමට කටයුතු කර තිබූ නමුත්, ඊයේ දිනයේ දී ලද වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට ඉන්දියාවට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි දෙකම ක්‍රීඩා කිරීමට නොහැකි බව බවට තහවුරු කර ඇති බවයි උපුල් තරංග කියා සිටියේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...