මැතිව්ස් සැලසුම්වලින් ඉවතට ; ආරම්භක පිතිකරුවන් හා අංක 3 පිතිකරු කවුද?

Date:

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සිය සැලසුම්වල තුන් ඉරියව් ක්‍රීඩක ඇන්‍ජෙලෝ මැතිව්ස් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා පවසනවා.

අද (24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ඒ හේතුවෙන් ඔහුව ඉන්දියාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා නම් නොකළ බවයි. (දර්ශන පහතින්)

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඇන්ජෙලෝ මැතිව්ස් සමග මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව සාකච්ඡා කළ බවත්, අනාගතය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ස්ථාවර කර ගැනීමට අවශ්‍ය බැවින් මේ වන විට ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඔවුන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත්, උපුල් තරංග කියා සිටියා.

මේ අතර, ඉන්දියාවට එරෙහි විස්සයි 20 තරගාවලියේ දී ද සුපුරුදු පරිදි පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇති බව තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ දිනේෂ් චන්දිමාල් හෝ කුසල් ජනිත් පෙරේරා අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරනු ඇති බවයි.

කුසල් ජනිත්ගේ වයස සැලකීමේ දී ඔහුට ඉදිරි ලෝක කුසලානය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බවත්, ඔහු හොද ශාරීරික යෝග්‍යතාවයකින් හා දක්ෂතා අතර රැදී සිටියහොත් ඔහුට එම අවස්ථාව හිමි වනු ඇති බවත් උපුල් තරංග සදහන් කර සිටියා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ චමිදු වික්‍රමසිංහ ද ඉන්දියාවට එරෙහි විස්සයි 20 සංචිතයට නම් කිරීමට කටයුතු කෙරුණු අතර, ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමි වේවැදැයි මෙම මාධ්‍ය හමුවේ ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුරු දෙමින් උපුල් තරංග කියා සිටියේ චමිදුට ඇතැම් විට කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට පැමිණීමට මෙම තරගාවලිය අතරතුර දී අවස්ථාවක් හිමි වනු ඇති බවයි.

මේ අතර, විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට පසුගියදා පියවර ගත් නමුත්, කණ්ඩායමට උප නායකයෙකු නම් කිරීමට මෙතෙක් පියවර ගෙන නැහැ. කණ්ඩායමට උප නායකයෙකු ඉදිරියේ දී පත් කිරීමට අවධානය යොමු කරන බවයි උපුල් තරංග පවසා සිටියේ.

මේ අතර, ඉන්දියාවට එරෙහි තරගාවලියට නම් නොකළ මැද පෙල ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ ද සිය ඉදිරි සැලසුම්වල සිටින බව තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කළා.

ඔහු සමග ද සාකච්ඡා සිදු කර ඇති බවත්, ඔහුව කණ්ඩායමට කැදවීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බලන බවත්, උපුල් තරංග අවධාරණය කර සිටියා.

මේ අතර, LPL තරගාවලියේ දී තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබූ ඇතැම් නවක ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට නිසි අවස්ථාවක් නොලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ලබන LPL තරගාවලියේ සිට තරගාවලියේ නීති කිහිපයක සංශෝදනයක් සිදු කිරීමට ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා සිදු කරන බවත්, උපුල් තරංග අද පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...