අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැදවයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ආදේශ කර තිබෙනවා.

ඒ, අසනීප තත්ත්වයකින් පසුවන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහි විස්සයි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන්.

චමීර ශ්වසන ආසාදනයකින් (bronchitis and respiratory infection) සුවය ලබමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා සදහන් කළේ ඔහුගේ වෛද්‍ය වාර්තා ඊයේ දිනයේ දී සිය කමිටුවට ලැබුණු බවයි. අනතුරුව ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වූ බව ඔහු කියා සිටියා.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...