ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට ; කාලසටහන මෙන්න

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, තරගාවලියේ 12 වැනි තරගයෙන් තායිලන්තය පරදා කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 93 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 11.3 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි අතපත්තු පන්දු 35 කින් නොදැවී ලකුණු 49 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. විශ්මි ගුණරත්න පන්දු 34 කින් නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා. ඇයගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය වෙනුවෙන් Nannapat Koncharoenkai නොදැවී ලකුණු 47(53) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 13 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගත් ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එහිදී ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතයි. එම තරගය එළඹෙන 26 වැනිදා රාත්‍රී 7:00 ට දඹුල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගය එදිනම පැවැත්වෙන්නේ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් ඉන්දියාව හා B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් බංග්ලාදේශය අතරයි. එම තරගය පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...