ENG vs WI : කොදෙව් ‌ටෙස්ට් සංචිතයට වෙනසක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක Jeremiah Louis හට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් (hamstring injury) හේතුවෙන් ඔහුට එම තරගයෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ඔහු වෙනුවට Akeem Jordan කොදෙව් ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමට තීරණය කර තිබෙනවා.

Jeremiah Louis හා Akeem Jordan යන ක්‍රීඩකයින් දෙදෙනාම මෙතෙක් ටෙස්ට් වරම් දිනා ගෙන නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට එංගලන්තය ඉදිරියෙන් පසුවනවා.

අවසන් ටෙස්ට් තරගය එළඹෙන 26 වැනි සිකුරාදා බර්මිංහැම්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...