බෂීර්ගේ කඩුලු 5, රූට් හා බෘෘක්ගේ ශතක හමුවේ එංගලන්තයට ලකුණු 241 ක ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 241 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම ඉරිදා(21) සමත් වුණා.

තරගයේ සිව්වැනි දිනය දිනය වූ ඉරිදා දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 425 ක් රැස් කළේ කොදෙව්වන්ට ජයග්‍රහනය සදහා ලකුණු 385 ක ඉලක්කයක් හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, කොදෙව් කණ්ඩායමට දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 47 ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 37 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ශොයිබ් බෂීර් ලකුණු 41 කට කඩුලු 5 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා ගස් ඇට්කින්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ශතක රැස් කිරීමට ජෝ රූට් හා හැරී බෘෘක් සමත් වුණා. රූට් ලකුණු 122 කට දැවී ගිය අතර, බෘෘක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 109 ක්. බෙන් ඩකට් ලකුණු 76 ක් හා ඔලී පෝප් ලකුණු 51 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 4 ක් හා අල්සාරි ජෝසප් කඩුලු 2 ක් දවා ගත්තා.

නොටින්හැම් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416 ක්. පිළිතුරු ලෙස කොදෙව්වන් සියලු දෙනා ලකුණු 457 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...