Women’s T20 Asia Cup : ඉන්දියාවට හා පාකිස්තානයට ජය

Date:

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඉරිදා(21) පැවැති තරගාවලියේ 5 වැනි හා 6 වැනි තරගවලින් ජය වර්තා කිරීමට පිළිවෙලින් ඉන්දියාව හා පාකිස්තානය සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගවලින් ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නේපාලයයි.

ඉන්දු – එමීර් රාජ්‍ය තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 201 ක් රැස් කළා. එය ඔවුන් විස්සයි 20 කාන්තා තරග ඉතිහාසයේ දී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

Harmanpreet Kaur ලකුණු 66(47) ක් හා Richa Ghosh නොදැවී ලකුණු 64(29) ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

මෙම තරගයේ දී පන්දු යැවීමේ දී එමීර් රාජ්‍ය වෙනුවෙන් කවීෂා එගොඩගේ ලකුණු 36 කට කඩුලු දෙකක් දවා ගත් අතර, පිතිකරණයේ දී ඇය නොදැවී ලකුණු 40 ක් ලබා ගත්තා.

මේ අතර, පාකිස්තානය හා නේපාලය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාලය කඩුලු හයක් දැවී ලකුණු 108 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 11.5 ක් පමණක් වැය කරමින් කඩුල්ලක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

Gull Feroza ලකුණු 57 ක් හා Muneeba Ali ලකුණු 46 ක් රැස් කළා.

මෙය ඉන්දියාව ජය ගත් දෙවැනි තරගය (තරග දෙකක් ක්‍රීඩා කර) වන අතර, පාකිස්තානය ජය ගත් පළමු තරගයයි (තරග දෙකක් ක්‍රීඩා කර).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...