Women’s T20 Asia Cup : සත්කාරක ශ්‍රී ලංකාව අද තරග බිමට

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද(20) පැවැත්වෙනවා.

තරගය රාත්‍රී 7:00 ට බංග්ලාදේශයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ තෙවැනි තරගය ද අද පැවැත්වෙන අතර, එම තරගයේ දී මැලේසියාව හා තායිලන්තය එකිනෙකා මුණ ගැසීමට නියමිතව තිබෙනවා. අදාළ තරගය පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ඊයේ පැවැති තරගවලින් ජය වාර්තා කිරීමට නේපාලය හා ඉන්දියාව සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා පාකිස්තානය යන කණ්ඩායම්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...