ශ්‍රී ලංකාවෙන් ගිය සිල්වර්වුඩ්ට සහාය පුහුණුකරු ධූරයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ හා එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Oval Invincibles කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව හමුවේ තරග 4-0 ක් ලෙස අලුබදුන තරගාවලිය පරාජයට පත් වීමෙන් පසුව 2022 වසර මුලදී ඔහුව එංගලන්ත පුහුණුකරු ධූරයෙන් ඉවත් කෙරුණු අතර, පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගත්තා.

කෙසේ වෙතත්, නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව සිල්වර්වුඩ් සිය ධූරයෙන් ඉවත් වීමටයි තීරණය කළේ.

ටොම් මූඩි ප්‍රධාන පුහුණුකරු ධූරය දරන Oval Invincibles කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස සිල්වර්වුඩ් පත් කර ඇත්තේ ඉල්ලා අස් වූ අසාර් මහ්මූද් වෙනුවටයි.

ක්‍රිස් සිල්වර්වුඩ් 2022 වසරේ දී එංගලන්ත පුහුණුකරු ධූරයෙන් නෙරපා හැරීමෙන් පසුව එංගලන්තය තුළ පුහුණු කාර්යය මණ්ඩල ධූරයක් සදහා ඔහුව පත් කෙරුණු පළමු අවස්ථාව මෙය වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...