හොඩ්ජ්ගේ මංගල ශතකය හමුවේ දෙවැනි දිනයේ වැඩි ගෞරව කොදෙව්වන්ට

Date:

කවෙම් හොඩ්ජ් වාර්තා කළ සිය මංගල ටෙස්ට් ශතකය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(19) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව කොදෙව්වන්ට හිමි කර දෙමින්.

නොටින්හැම් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඊයේ දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416 ක්.

පිළිතුරු ලෙස කොදෙව්වන් අද දිනයේ දී සිය පළමු ඉනිම ආරම්භ කළ අතර, දිනය අවසන් වන විට ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 351 ක් ලබා සිටියා. ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 65 ක්.

කවෙම් හොඩ්ජ් පන්දු 171 කින් ලකුණු 120 ක් රැස් කළේ හතරේ පහර 19 ක් සමගින්. අලික් අතනේස් ලකුණු 82 ක් රැස් කළා. නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ජේසන් හෝල්ඩර් ලකුණු 23 ක් හා ජොෂුවා ද සිල්වා ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශොයිබ් බෂීර් කඩුලු 2 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන් හා බෙන් ස්ටොක්ස් කඩුල්ල බැගින් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔලී පෝප් ලකුණු 121 ක් රැස් කළා. හයේ පහරක් හා හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 71 ක් රැස් කළේ පන්දු 59 කින්. නායක බෙන් ස්ටොක්ස් ලකුණු 69 ක්, ක්‍රිස් වෝක්ස් ලකුණු 37 ක් රැස් කළ අතර, හැරී බෘෘක් හා ජෙමී ස්මිත් ලකුණු 36 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 98 කට කඩුලු 3 ක් දවා ගත්තා. ජෙයිඩ්න් සීල්ස්, කෙවින් සින්ක්ලෙයාර් හා කවෙම් හොඩ්ජ් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...