Women’s T20 Asia Cup : පාකිස්තානය පරදා ඉන්දියාවට කඩුලු හතක ජයක්

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(19) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 19.2 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108 ක් පමණයි.

Sidra Amin ලකුණු 25 කට දැවී ගිය අතර, Tuba Hassan හා Fatima Sana (නොදැවී) ලකුණු 22 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Deepti Sharma ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Renuka Singh, Pooja Vastrakar හා Shreyanka Patil කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා පිල පන්දුවාර 14.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Smriti Mandhana ලකුණු 45 ක් හා Shafali Verma ලකුණු 40 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Syeda Aroob Shah ලකුණු 9කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...