ශ්‍රී ලංකා යොවුන් පිලට ඉනිමක පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැති දෙවැනි සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 53 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත යොවුන් කණ්ඩායම අද(19) සමත් වුණා.

Cheltenham හි පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 271 ක් පමණයි.

මහිත් පෙරේරා ලකුණු 61 ක් ලබා ගත් අතර, නායක දිනුර කලුපහන ලකුණු 40 කටත්, තිසර ඒකනායක ලකුණු 39 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී Farhan Ahmed ලකුණු 59 කට කඩුලු 4 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 153 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 477 ක්.

එංගලන්ත ඉනිම වෙනුවෙන් Hamza Shaikh ලකුණු 107 ක්, Rocky Flintoff ලකුණු 106 ක් හා Jaydn Denly ලකුණු 91 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විහස් තෙව්මික හා ප්‍රවීන් මනීෂ කඩුලු 3 බැගින් දවා ගත්තා.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු සිව්දින තරගය ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ. අද නිමා වූ තරගයත් සමග ශ්‍රී ලංකා යොවුන් පිලේ එංගලන්ත තරග සංචාරය අවසන් වුණා.

කණ්ඩායම් දෙක අතර පැවැති එක්දින තරගාවලිය ද තරග 2-1 ක් ලෙස ජය ගත්තේ එංගලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...