Women’s T20 Asia Cup : කවීෂාගේ උත්සාහය අපතේ යයි – නේපාලයට කඩුලු හයක ජයක්

Date:

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට නේපාල කාන්තා කණ්ඩායම අද(19) සමත් වුණා.

මෙය ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී නේපාලය ලැබූ පළමු ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නේපාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී ලකුණු 115 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 16.1 ක් අවසානයේ දී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Samjhana Khadka පන්දු 45 කින් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 11 ක් සමගින්.

පන්දු යැවීමේ දී කවීෂා එගොඩගේ ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය පිල වෙනුවෙන් Khushi Sharma ලකුණු 36 ක් රැස් කළ අතර, කවීෂා එගොඩගේ ලකුණු 22 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Indu Barma ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...