Watch : මාර්ක් වුඩ් පැයට කිලෝ මීටර් 156.2 ක වේගයෙන් යොමු කළ වේග පන්දුව

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් විසින් පැයට කිලෝ මීටර් 156.2 ක (පැයට සැතපුම් 97.1) වේගයෙන් පන්දුවක් යොමු කිරීමට අද(19) සමත් වුණා.

ඒ, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොටින්හැම්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

කොදෙව් පළමු ඉනිමේ 14 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවයි ඔහු Mikyle Louis ට එරෙහිව පැයට කිලෝ මීටර් 156.2 ක වේගයෙන් යොමු කළේ. (දර්ශන පහතින්)

ඔහු මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරයේ පන්දු හයේ වේගය සටහන් වූයේ පිළිවෙලින් 151.1, 154.6, 153.2, 148.3, 155.3, 153.2 ක් ලෙසයි.

එම පන්දුවාරය වාර්තා අතරට එක් වුණේ එංගලන්ත පන්දු යවන්නෙකු සිය රටේදී යොමු කළ වේගවත්ම පන්දුවාරය ලෙසයි. (පන්දුවල වේගය පිළිබද දත්ත සටහන් කිරීම ආරම්භ කිරීමෙන් පසු)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...