LPL තරගාවලිය ක්‍රීඩාංගන දෙකකට සීමා කෙරේ – කෙටුම්පත් කිරීම 19 වනදා

Date:

මෙවර පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩාංගන දෙකකදී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී තරගාවලියේ තරග 23 ම පැවැත්වීමට නියමිතයි.

මීට පෙර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ද මෙවර එල්.පී.එල් තරගාවලියේ තරග පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ වන අතර, අවසන් තරගය දෙසැම්බර් 13 වනදා පැවැත්වෙනු ඇති.

තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීමේ කටයුතු (Player Draft) එළඹෙණ 19 වනදා සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලියේ අයිතිය හිමි ඩුබායිහි ‘Innovative Production Group (IPG)’ සමාගම සදහන් කළේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට විදෙස් ක්‍රීඩකයින් 75 දෙනෙකු ඉදිරිපත් වන බවයි.

තරගාවලිය සදහා කණ්ඩායම් පහක් එක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...