චෙන්නායි පිලට ලකුණු 20ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වන තරගයෙන් ලකුණු 20 ක ජයක් හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ඩුබායිහි පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබා ගත්තා.

ඉනිම ආරම්භ කළ සෑම් කරන් ලකුණු 31ක් රැස් කළේ පන්දු 21කින්.

ෂේන් වොට්සන් ලකුණු 42ක් සහ අම්බටි රයිදු ලකුණු 41ක් ලබා ගත් අතර, රවීන්ද්‍ර ජඩේජා පන්දු 10කින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.

නායක එම්.එස් දෝනි ලකුණු 21යි.

පන්දු යැවීමේ සන්දීප් ෂර්මා, කලීල් අහ්මඩ් සහ ටී. නටරාජන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් පිලට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

සියලු පිතිකරුන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් නොලැබෙද්දී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 39කින් ලකුණු 57ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී කර්න් ෂර්මා සහ ඩ්වේයන් බ්‍රාවෝ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

මේ වන විට චෙන්නායි කණ්ඩායම සහ හයිදරාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේ දී තරග 8 බැගින් ක්‍රීඩා කර, තරග 3ක් ජය ගනිමින් තරග 5ක් පරාජයට පත්ව තිබෙනවා.

හයිදරාබාද් පිල ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටින අතර, චෙන්නායි කණ්ඩායමට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.

BCCI/IPL

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...