මුරලිගේ “800” චිත්‍රපටයේ චලන පෝස්ටරය එළි දකියි

Date:

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් නිර්මාණය කෙරෙන චිත්‍රපටයට අදාළ නිල චලන පෝස්ටරය (Motion Poster) අද එළි දැක්වුණා.

ටෙස්ට් කඩුලු 800 ක් දවා ගැනීමට සමත් වූ මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ.

එම කඩුලු ගණන මෙම චිත්‍රපටයේ නම ලෙස යොදා තිබෙනවා.

ඊට අදාළ නිල පෝස්ටරය ද පසුගියදා නිකුත් කෙරුණු අතර, කොලිවුඩ් නලු විජයි සේතුපති මෙම චිත්‍රපටයේ දී මුරලිදරන්ගේ චරිතය වෙනුවෙන් රංගනයෙන් එක් වනු ඇති.

විජයි සේතුපති සහ මුත්තයියා මුරලිදරන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද(13) පැවැත්වෙන තරගය ආරම්භ වීමට පෙර ස්ටාර් ස්පෝර්ට් මාධ්‍ය ආයතනය සමග චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ද එක්ව සිටියා.

චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාවේ දී, ඉන්දියාවේ දී , ඔස්ට්‍රේලියාවේ දී සහ එංගලන්තයේ දී සිදු කිරීමට නියමිතයි.

ලබන වසර මුලදී රූගත කිරීම් ආරම්භ කෙරෙන අතර, චිත්‍රපටය ලබන වසර අගදී ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එම්.එස් ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය Movie Train Motion Pictures සහ Dar Motion Pictures සමාගම් විසින් නිෂ්පාදනය කරන බව සදහන්.

චලන පෝස්ටරය නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...