දකුණු අප්‍රිකා සංචාරය සහ එංගලන්ත තරගාවලිය ගැන මම ධනාත්මකයි – මිකී ආතර්

Date:

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කර ඇති පරිදි සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

PA පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ක්‍රිකට් තරග පැවැත්වීම යළි යථාතත්ත්වයට පත් කළ යුතු බවයි.

“ක්‍රීඩාවේ ජීව රුධිරය අඛණ්ඩව පවත්වා ගැනීම සදහා, තරග විකාශනය කිරීම සදහා අපි ක්‍රීඩා කළ යුතු කර්මාන්තයක්.”

යනුවෙන් මිකී ආතර් සදහන් කළා.

“ශ්‍රී ලංකා රජය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. අපිට පිටතට යාමට හැකිවෙලා තියෙනවා. අවන්හලකට යන්න හෝ ගාලු මුවදොරට යන්න පුලුවන්. නමුත් අපිට ජාත්‍යන්ත ක්‍රිකට් තරග නැහැ.”

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ වන විට පසුගිය පෙබරවාරි මාසයේ සිට කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැහැ.

මෙම කාලය තුළ දී මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත, දකුණු අප්‍රිකා, ඉන්දීය සහ බංග්ලාදේශ තරගාවලි කල් දැමීමටයි සිදු වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග ජාත්‍යන්තර තරගාවලිය වන්නේ දෙසැම්බර් මාසයේ දී ආරම්භ වන දකුණු අප්‍රිකා තරග සංචාරයයි.

අනතුරුව මීට පෙර කල් දැමුණු එංගලන්ත ටෙස්ට් තරගාවලිය ලබන ජනවාරි අග ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙරටට පැමිණීමේ දී ක්‍රීඩකයින් ද මුහුණ දිය යුතු දින 14ක නිරෝධායන කාල සීමාව එම තරගාවලියට ද බලපෑම් එල්ල කිරීමේ අවධානමක් පවතිනවා.

“මම ගොඩක් ධනාත්මකයි. මම බලාපොරොත්තු වෙනවා අපිට පුලුවන් කියලා දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකා තරග සංචාරය පවත්වන්න. ඒ වගේම ඊළගට කාර්ය බහුල 2021 වසර ආරම්භ කරමින් එංගලන්ත තරගාවලිය මෙරට දී පවත්වන්න පුලුවන් වේවි කියලා මම බලාපොරොත්තුවෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...