මෙවර IPL තරගාවලියේ ඉහළම වැටුපකට යටත් ක්‍රීඩකයන් 10 දෙනා මෙන්න

Date:

ලෝක විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරග රටාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් සැණකෙලිය ලෙස සැලකෙන ඉන්දිය ප්‍රිමියර් ලීගයේ 13 වන අදියර පසුගිය 19 වනදා ආරම්භ වුණා.

මේ වන විට තරගාවලියේ තරග 28 ක් පවත්වා අවසන්ව ඇති අවස්ථාවේ අද (13) වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ වැඩිම ගෙවීමකට හිමිකම් කියන ක්‍රීඩකයන් 10 දෙනා පිළිබඳව ඔබ දැනුවත් ද?

මේ ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක්.

මෙම ලැයිස්තුවට ඉන්දිය ක්‍රීඩකයන් හා විදෙස් ක්‍රීඩකයන් ද ඇතුළත් වනවා.

10 : හර්ඩික් පාන්ඩ්යා –

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන පාන්ඩ්යාට මෙවර තරගාවලිය වෙනුවෙන් හිමිව ඇති මුදල් ප්‍රමාණය වන්නේ ඉන්දිය රුපියල් කෝටී 11 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 27.65 ක් වැනි අගයක් වනවා.

09. ඒ.බී. ඩිවිලියර්ස් –

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවෙකු වන ඩිවිලියර්ස් හට මෙවර තරගාවලියේදී ඉන්දිය රුපියල් කෝටී 11 ක මුදලක් හිමි වනවා. ශ්‍රී ලංකා මුදලින් එයද රුපියල් කොටී 27.65 ක්.

08 : බෙන් ස්ටෝක්ස් –

ලොව ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන බෙන් ස්ටෝක්ස් ඉන්දිය රුපියල් කෝටී 12.5 ක මුදලක් යටතේ රඳවා තබා ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම තීරණය කළා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 31.4 ක පමණ අගයක්.

07 : සුනිල් නාරායන් –

බොහෝ කලක සිට ඉන්දිය ප්‍රිමියර් ලීගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක සුනිල් නාරයන් මෙවර තරගාවලියේදී ඉන්දිය රුපියල් කෝටී 12.5 ක මුදලකට යටත්ව රඳවා තබාගැනීමට කොල්කටා කණ්ඩායම තීරණය කළා. එයද ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31.4 ක්.

06.) ස්ටීවන් ස්මිත් –

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායකයකු වන ස්ටීවන් ස්මිත් මෙවර තරගාවලියේදී ද රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය දරනවා. ඔහුට හිමිවන මුදල ද ඉන්දිය රුපියල් කෝටී 12.5 ක්.

05 : ඩේවිඩ් වෝනර් –

මෙවර තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය දරණ ඩේවිඩ් වෝනර්ට හිමිව ඇති මුදල ද ඉන්දිය රුපියල් කෝටී 12.5 ක්.

04 : රෝහිට් ෂර්මා –

ශූරතා හතරක් ජයග්‍රහණය කිරීම සදහා මුම්බායි කණ්ඩායම මෙහෙය වූ රෝහිට් ෂර්මාට මෙවර තරගාවලියේදී ඉන්දිය රුපියල් කෝටී 15 ක මුදලක් හිමිව තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 37.7 ක පමණ අගයක්

03 : මහේන්ද්‍ර සිං දෝනී –

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම නායකයා ලෙස සැලකෙන මහේන්ද්‍ර සිං දෝනි මෙවර තරගාවලියේදී ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දරනවා. ඒ අනුව ඔහුට හිමිවන මුදලක ඉන්දිය රුපියල් කෝටී 15 ක්. එය ශ්‍රී ලංකා මුදලින් කෝටී 37.7 ක පමණ අගයක්.

02 : පැට් කමින්ස්

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවී වූ ක්‍රීඩකයා බවට පත්වුණේ ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගනු ලැබුවේ ඉන්දිය රුපියල් කෝටී 15.5 ක මුදලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 38.9ක්.

01 : විරාත් කෝලී

අයි.පී.එල්. ඉතිහාසය තුළ වැඩිම ගෙවීමකට යටත් වූ ක්‍රිඩකයා වන්නේ ඉන්දිය ක්‍රිකට් නායක විරාට් කෝලි. මෙවර තරගාවලියේදී ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය දරන ඔහුට හිමිව ඇති මුදල ඉන්දිය රුපියල් කෝටී 17 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 42.7 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...