ටෙස්ට් ලෝක වාර්තාවක් බිද වැටුණු පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට – පෝප්ගෙන් ශතකයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(18) නිමා වුණා.

නොටින්හැම් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416 ක්.

එංගලන්ත ඉනිමේ ලකුණු 50 වාර්තා කිරීමට වැය වූයේ පන්දුවාර 4.2 ක් පමණක් වීම කැපී පෙනුණා. ඒ, ඉනිමේ තෙවැනි පන්දුවෙන්ම පළමු කඩුල්ල ලෙස සැක් ක්‍රව්ලි ලකුණු නොලබා දැවී ගිය පසුබිමකයි.

වසර 147 ක් පැරැණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක වාර්තා වූ වේගවත්ම ලකුණු 50 ලෙසයි එංගලන්තයේ මෙම දක්ෂතාවය ඉතිහාසගත වුණේ. මීට පෙර ද පන්දුවාර 4.3 ක් තුළ ලකුණු 50 වාර්තා කරමින් අදාළ වාර්තාව පිහිටුවා තිබුණේ එංගලන්තයයි. 1994 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් එම දක්ෂතාවය දක්වා තිබුණා.

එංගලන්ත ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 71 ක් රැස් කළේ පන්දු 59 කින්. හතරේ පහර 14 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වූ අතර, ඔහු අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 32 ක් පමණයි. එය එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ සම තෙවැනි වේගවත්ම අර්ධ ශතකයයි.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔලී පෝප් සුපිරි ශතකයක් වාර්තා කරමින් ලකුණු 121 කට දැවී ගියා. හයේ පහරක් හා හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 69 ක්, ක්‍රිස් වෝක්ස් ලකුණු 37 ක් රැස් කළ අතර, හැරී බෘෘක් හා ජෙමී ස්මිත් ලකුණු 36 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 98 කට කඩුලු 3 ක් දවා ගත්තා. ජෙයිඩ්න් සීල්ස්, කෙවින් සින්ක්ලෙයාර් හා කවෙම් හොඩ්ජ් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...