කමිදුගේ හා දසුන්ගේ සටන්කාමී සම්බන්ධතාවය හමුවේ ෆැල්කන්ස් Qualifier 2 තරගයට

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයට සුදුසුකම් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ අනුව ඔවුන් එළඹෙන 20 වැනිදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී, අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති Eliminator තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 83 ක් තුළ දැවී ගිය පසුබිමකයි.

කඩුලු 6 ක් දැවී යාමෙන් අනතුරුව කමිදු මෙන්ඩිස් සමග පිටියේ එක් වූ දසුන් ශානක 7 වැනි කඩුල්ලට ලකුණු 69 (40) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

කමිදු පන්දු 36 කින් ලකුණු 54 ක් රැස් කළ අතර, දසුන් පන්දු 21 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 39 ක්. කමිදුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 3 ක් ද, දසුන්ගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් ද ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනාම පිට පිට පන්දු දෙකක් තුළ දැවී ගිය නමුත්, එය මහනුවර පිල මෙම තරගයෙන් පරාජයට පත් කිරීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු හා මතීෂ පතිරණ අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම පන්දු 45 කින් ලකුණු 62 ක් රැස් කළේ හතරේ පහර 7ක් සමගින්. පන්දු යැවීමේ දී ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගැනීමට මොහමඩ් හස්නයින් සමත් වුණා. වනිදු හසරංග ලකුණු 21 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...