නායකත්වයත් නැති වූ පාන්ඩ්යා දික්කසාදය නිවේදනය කරයි

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා හා ඔහුගේ බිරිද වන රංගන ශිල්පිනී Natasa Stankovic දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් අද(18) සිය සමාජ මාධ්‍ය ගිණුම්හි සටහනක් තබමින් මේ බව නිවේදනය කළා.

හර්ඩික් පාන්ඩ්යා හා Natasa Stankovic 2020 වසරේ මැයි මාසයේ දී විවාහ වූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මැදයි.

වසර 4ක කාලයක් විවාහ වී සිටි ඔවුන් දෙදෙනාට වසර තුනක පුත්‍රයෙකු ද සිටිනවා.

හර්ඩික් පාන්ඩ්යා සිය දික්කසාදය නිවේදනය කළේ ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිත නිවේදනය කළ දිනයේ දී ම වීම ද විශේෂත්වයක්.

මෙතෙක් ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ උප නායකයා ලෙසත්, ඇතැම් තරගාවලියන්හී දී වැඩබලන නායකයා ලෙසත් කටයුතු කළ ඔහුට ඉන්දීය කණ්ඩායමේ මීළග නායකත්වය ලැබෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ නමුත්, නායකත්වය ඔහුට ලබා නොදී එය සූර්යකුමාර් යාදව්ට ලබා දීමටයි ඉන්දීය තේරීම් කමිටුව අද තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා ඇතුළත් අතර, එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...