Watch : පිතිකරුයි පන්දු යවන කණ්ඩායමයි දෙගොල්ලොම ඉල්ලපු review එක මෙන්න

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ දී එක් සිදු වීමක් වෙනුවෙන් කණ්ඩායම් දෙකම විනිසුරු තීරණ නැවත විමසීමේ (Review) ක්‍රමවේදය යොදා ගැනීමට ගත් උත්සාහයක් දැක ගත හැකි වුණා.

අද(18) පස්වරුවේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී මෙම තරගය ආරම්භ වුණේ ගෝල් මාර්වල්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා.

ගාලු පිළිතුරු ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී නිරෝෂන් දික්වැල්ල ලකුණු 9කට දවා ගැනීමට අස්මතුල්ලාහ් ඔමර්සායි සමත් වුණා. ඒ, කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රැක ගත් උඩ පන්දුවක් හමුවේයි.

කෙසේ වෙතත්, එය දැවී යාමක් ලෙස පළමුව විනිසුරු විසින් තීන්දු කළේ නැහැ. නමුත්, එය දැවී යාමක් ලෙස විනිසුරු විසින් තීන්දු කළේ යැයි සිතූ නිරෝෂන් දික්වැල්ල වහාම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එය අභියෝගයට ලක් කළා.

එය දැවී යාමක් ලෙස විනිසුරු සංඥා නොකිරීම හේතුවෙන් පන්දු යවන කණ්ඩායම ද එම අවස්ථාවේ දී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට ඉල්ලීමක් සිදු කළා.

ඒ අනුව කණ්ඩායම් දෙකෙන්ම එකම සිදු වීමක් වෙනුවෙන් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට කටයුතු කිරීම කැපී පෙනුණා.

නමුත්, එය දැවී යාමක් ලෙස සංඥා කර නොතිබූ බැවින් පන්දු යවන කණ්ඩායම, එනම් ජැෆ්නා කිංග්ස් පිල විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට ගත් තීරණය හරහා අදාළ නොදැවී යාම තෙවන විනිසුරුට යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.

එහිදී එය දැවී යාමක් ලෙස තහවුරු වූ බැවින් දික්වැල්ලට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...