ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 248 ක් පිටුපසින්

Date:

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ(17) රාත්‍රියේ නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 401 ක් ලබා සිටියා. ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 153 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව එංගලන්ත යොවුන් පිල මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 248 ක්.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් නායක Hamza Shaikh ලකුණු 107 ක් රැස් කළ අතර, Jaydn Denly ලකුණු 91ක් ලබා ගත්තා. එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ පුත් Rocky Flintoff නොදැවී ලකුණු 82 යි.

පන්දු යැවීමේ දී මනුජ චන්තුක ලකුණු 59 කට කඩුලු 2 ක් දවා ගත්තා. දිනුර කලුපහන, විහස් තෙව්මික හා ප්‍රවීන් මනීෂ කඩුල්ල බැගින් බිද හෙලුවා.

Cheltenham හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ගයන වීරසිංහ ලකුණු 77 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Naavya Sharma කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 44 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...