ප්‍රෙටෝරියස්, සයිෆර්ට් හා ලියනගේ ගාල්ල අවසන් මහා තරගයට රැගෙන යයි

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කරමින්. මෙය ගාලු කණ්ඩායම LPL තරගාවලියේ දී අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාවයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාර්වල්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඇලේක්ස් හේල්ස් ලකුණු 36 කටත්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 9කටත් දැවී ගියා.

ටිම් සයිෆර්ට් නොදැවී ලකුණු 62 ක් රැස් කළේ පන්දු 41 කින්. හයේ පහරක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහුට අනගි සහායක් ලබා දුන් ජනිත් ලියනගේ පන්දු 36 කින් ලකුණු 56 ක් ලබා ගත්තා. ඒ හයේ පහර 3ක් හා හතරේ පහර 5 ක් සමගින්. සයිෆර්ට් හා ලියනගේ අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 92 (62) ක්. භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 8යි.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි, ෆේබියන් ඇලන් හා ටබ්රයිස් ශම්සි කඩුල්ල බැගින් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 52(33) ක්, කුසල් මෙන්ඩිස් ලකුණූ 46(39) ක් හා රයිලි රොසෝව් ලකුණු 40(22) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 23 ක් ලබා දෙමින්. තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...