SL vs IND : ප්‍රබලයින් රැසක් සමග ඉන්දීය සංචිත නිවේදනය කෙරේ ; T20 නව නායකයා මෙන්න

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය විස්සයි 20 හා එක්දින සංචිත නම් කර තිබෙනවා.

හිටපු නායක රෝහිත් ෂර්මා විස්සයි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීම හේතුවෙන් ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස සූර්යකුමාර් යාදව් පත් කරමින් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විස්සයි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස මීට පෙර කටයුතු කළ හර්ඩික් පාන්ඩ්යා ද සංචිතයට ඇතුළත්. පාන්ඩ්යාගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් නිරතුරුව ඇතිවන ගැටලු පිළිබද සලකා බලා ඔහුව නව නායකයා ලෙස පත් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

සූර්යකුමාර් යාදව් මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති T20 තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර, එම තරගාවලියෙන් ඉන්දියාව තරග 4-1 ක ජයක් වාර්තා කළා. පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති T20 තරගාවලිය ද තරග 1-1 ක් ලෙස සම මට්ටමෙන් අවසන් කර ගැනීමට ඔහුගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

සූර්යකුමාර් යාදව් හා හර්ඩික් පාන්ඩ්යා එක්දින සංචිතය සදහා ඇතුළත්ව නැහැ. එක්දින හා විස්සයි 20 සංචිත දෙකේම උප නායකයා ලෙස පත් කර ඇත්තේ ෂුබ්මන් ගිල්.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි රෝහිත් ෂර්මා කටයුතු කරනවා. ඔහු මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමට මීට පෙර තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබූ බවට වාර්තා පලවූ නමුත්, පසුව ඔහු සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විරාත් කෝලි ද එක්දින සංචිතයට නම් කර ඇති අතර, ජස්ප්‍රිට් බුම්රා මෙම තරග සංචාරයෙන් විවේක ගන්වා තිබෙනවා.

මෙම වසර මුලදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දෙන මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වූ ෂ්රෙයස් අයියර් එක්දින සංචිතයට නම් කර ඇති අතර, ආබාධවලට ලක්ව සිටි කේ එල් රාහුල් ද එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

කඩුලු රකින අනෙක් පිතිකරු ලෙස සංචිතයට නම් කර ඇත්තේ රිෂාබ් පාන්ට්. 2019 වසරේ දී සිය එකම එක්දින තරගය ක්‍රීඩා කර ඇති ශිවම් ඩූබේ ද සංචිතයට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

රියාන් පරාග් එක්දින හා විස්සයි 20 සංචිත දෙක සදහාම නම් කර තිබෙනවා. වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානා එක්දින සංචිතයට නම් කර ඇත්තේ පළමු වරටයි.

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

රාහුල් ඩ්‍රාවිඩ්ගෙන් පසු ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගම්භීර් පත් කිරීමෙන් පසු ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරග සංචාරයයි.

විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

T20I Squad:

Suryakumar Yadav (C), Ꮪhubman Gill (VC), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (WK), Sanju Samson (WK), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohd. Siraj.

ODI Squad:

Rohit Sharma (C), Ꮪhubman Gill (VC), Virat Kohli, KL Rahul (WK), Rishabh Pant (WK), Shreyas Iyer, Shivam Dube, Kuldeep Yadav, Mohd. Siraj, Washington Sundar, Arshdeep Singh, Riyan Parag, Axar Patel, Khaleel Ahmed, Harshit Rana.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...