LPL 2024 : අවසන් වටයේ තරග අදින් ඇරඹේ

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගය අද පස්වරු 3:00 ට ආරම්භ වනවා.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරයි. එම තරගය අද රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

එළඹෙන 20 වැනිදා රාත්‍රී 7:30 ට ආරම්භ වන අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයට සුදුසුකම් ලබා ගන්නේ Qualifier 1 තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායමයි.

Qualifier 1 තරගය හා Qualifier 2 තරගය ජය ගන්නා කණ්ඩායම් එළඹෙන 21 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...