දින නියමයක් නොමැතිව මෙසීට පාපන්දු පිටිය අහිමි වෙයි

Date:

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනල් මෙසීට දින නියමයක් නොමැතිව පාපන්දු පිටියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුගේ දකුණු වළලුකර ප්‍රදේශයේ පවතින ආබාධය (ligament injury) සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇති බව සදහන්.

“After a medical evaluation, it has been determined that Leo Messi has suffered a ligament injury in his right ankle,” යනුවෙන් ඔහුගේ ක්‍රීඩා සමාජය වන Inter Miami නිවේදනය කර සිටියා.

“The captain’s availability will be determined by periodic assessments and the progress of his recovery.”

37 හැවිරිදි මෙසී මෙවර කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ 64 වැනි මිනිත්තුවේ දී අදාළ ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පිටියෙන් ඉවත් වීමෙන් පසුව ඔහු දැඩි ලෙස හැගීම්බර වී කදුළු සලමින් සිටින අයුරු ද දැක ගත හැකි වූ අතර, ඔහු‍ගේ දකුණු වළලුකර ප්‍රදේශය දැඩි ලෙස ඉදිමී තිබෙන අයුරු ද දැක ගත හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...