Southgate එංගලන්ත කලමනාකරු ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

එංගලන්ත පාපන්දු කණ්ඩායමේ කලමනාකරු ධුරයෙන් Gareth Southgate ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤය හමුවේ එංගලන්තය පරාජයට පත් වූ පසුබිමකයි.

වසර 8ක කාලයක් ඔහු කලමනාකරු ධුරයේ කටයුතු කළ අතර, ඔහුගේ කොන්ත්‍රාත් කාලය ලබන දෙසැම්බර් මාසය දක්වා වලංගු වී පැවතුණා.

එමෙන්ම එංගලන්ත පාපන්දු සංගමයට (FA) 2026 පාපන්දු ලෝක කුසලානය දක්වා ඔහුව අදාළ ධූරයේ රදවා ගැනීමට ද අවශ්‍ය වී තිබූ බව සදහන්.

53 හැවිරිදි Southgate එංගලන්තය වෙනුවෙන් තරග 57 ක් ක්‍රීඩා කර තිබූ අතර, තරග 102 කදී ඔහු කලමනාකරු ලෙස කටයුතු කළා.

2016 වසරේ දී අදාළ ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඔහුගේ ධූර කාලය තුළ දී එංගලන්තය 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වාත්, 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වාත්, 2020 හා 2024 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියන්හි අවසන් මහා තරගය දක්වාත් සුදුසුකම් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...