ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ඔලිවියර් ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් වාර්තා කර ඇති Olivier Giroud ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා අවසන් වූ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර පිටියට සමු දෙන බවට ඔහු තරගාවලිය ආරම්භ වීමටත් පෙර සදහන් කර තිබූ අතර, මේ වන විට ඔහු ඒ බව නිල වශයෙන් සනාථ කර ඇත්තේ සිය Instagram ගිණුමේ සටහනක් තබමින්.

මෙවර යුරෝ කුසලාන තරගාවලියේ දී ප්‍රංශය අවසන් පූර්ව වටය දක්වා ගමන් කළ නමුත්, එම වටයේ දී ස්පාඤ්ඤය හමුවේ ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් වීමත් සමග ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

Giroud එම තරගයේ ආරම්භක 11 දෙනා අතරට ඇතුළත්ව නොසිටි අතර, දෙවන අර්ධයේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි ක්‍රීඩා කළේ.

37 හැවිරිදි ඔහු ප්‍රංශය වෙනුවෙන් තරග 137 ක් ක්‍රීඩා කර එහිදී ගෝල 57 ක් රැස් කිරීමට සමත් වුණා. ඔහු 2018 වසරේ පාපන්දු ලෝක ශූරතාවය දිනූ ප්‍රංශ කණ්ඩායමේ ද සාමාජිකයෙක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...