Copa America : ශූරයින්ගේ සිට සිව්වැනි ස්ථානය දක්වා කෝටි ගණනක මූල්‍ය ත්‍යාග බෙදී ගියේ මෙහෙමයි

Date:

48 වැනි වරටත් පැවැති කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලිය මෙරට වේලාවෙන් ඊයේ (15) නිමා වුණේ 16 වැනි වරටත් ශූරතාවය ආර්ජන්ටිනාවට හිමි කර දෙමින්.

1916 වසරේ සිට පැවැත්වෙන කෝපා ඇමෙරිකා තරගාවලිය මේ දක්වා වැඩිම වාර ගණනකදී ජය ගෙන ඇති රට වන්නේ ද ආර්ජන්ටිනාවයි.

මෙම වසරේ ජූනි 20 වැනිදා ආරම්භ වූ තරගාවලියට කණ්ඩායම් 16 ක් තරග කළා. අවසන් මහා තරගයේ දී කොලොම්බියාව පරාජයට පත් කරමින් ගෝල 1-0 ක් ලෙසයි ආර්ජන්ටිනාව පිට පිට දෙවැනි වරටත් මෙම ශූරතාවය හිමි කර ගත්තේ.

ශූරතාවය දිනූ ආර්ජන්ටිනාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක මූල්‍ය ත්‍යාගයක් හිමි වුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 485 ක පමණ වටිනාකමක් වනවා.

අනුශූරතාවය දිනූ කොලොම්බියාවට ඩොලර් මිලියන 7ක් හෙවත් රුපියල් කෝටි 212 ක පමණ මුදලක් හිමි වුණා.

මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තේ උරුගුවේ කණ්ඩායමයි. ඔවුන්ට ඩොලර් මිලියන 5 ක් (රුපියල් කෝටි 151 ක්) හිමි වූ අතර, සිව්වැනි ස්ථානය දිනා ගත් කැනඩාවට හිමි වූ මුදල ඩොලර් මිලියන 4 ක් (රුපියල් කෝටි 121 ක්).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...