Copa América final : කොලොම්බියා පාපන්දු සභාපති හා පුතා අත්අඩංගුවට

Date:

කොලොම්බියා පාපන්දු සංගමයේ සභාපති Ramón Jesurún හා ඔහුගේ පුත්‍රයා Ramón Jamil Jesurún ඇමෙරිකාවේ Miami-Dade පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Hard Rock ක්‍රීඩාංගනයේ පැවැති කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් තරගයෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඔවුන් දෙදෙනා ආරක්ෂක අංශ නිළධාරීන් කිහිප දෙනෙකු සමග ඇති කර ගත් ගැටුමක් හේතුවෙන්.

අවසන් තරගයෙන් ආර්ජන්ටිනාව හමුවේ කොලොම්බියාව ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් වූ අතර, තරගයෙන් පසුව මාධ්‍ය වෙත වෙන් කර තිබූ ස්ථානයක මෙම ගැටුම හට ගෙන තිබූ බව සදහන්.

අත්අඩංගුවට ගත් 71 හැවිරිදි පියා හා 43 හැවිරිදි පුතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 2,000 ක හා ඩොලර් 1,000 ක ඇප බැදුම්කරයක් නියම කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසන් මහා තරගයට පෙර ද ප්‍රේක්ෂකයින් පිරිසක් ප්‍රධාන පිවිසුම් ගේට්ටුවක ආරක්ෂාව බිඳ දමමින් ක්‍රීඩාංගනය තුළට කඩා වැදීම හේතුවෙන් තරගය ආරම්භ වීම ද පැයකටත් වඩා වැඩි කාලයකින් ප්‍රමාද වුණා.

එම අවස්ථාවේ දී පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත්, 55 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමටත් කටයුතු කළ බවයි පොලීසිය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...