Wimbledon : ජොකොවික් පරදා පිරිමි කේවල ශූරතාවය පිට පිට දෙවැනි වරටත් කාර්ලස්ට

Date:

එංගලන්තයේ පැවැති 2024 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤයේ Carlos Alcaraz අද(14) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී සර්බියාවේ නොවැක් ජොකොවික් තරග වට 3-0 ක් ලෙස පරාජයට පත් කරමින්. ලකුණු සටහන් දැක් වුණේ 6-2, 6-2, 7-6 (7-4) ක් ලෙසයි.

2023 වසරේ පැවැති විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද Carlos Alcaraz විසිනුයි.

එමෙන්ම මෙය 21 හැවිරිදි ඔහු ජය ගත් සිව්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය වීම ද විශේෂත්වයක්. මීට පෙර Carlos Alcaraz විසින් 2022 ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය මෙන්ම මෙම වසරේ පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය ද දිනා ගත්තා.

අද අවසන් තරගයෙන් පරාජයට පත් වූ නොවැක් ජොකොවික් විම්බල්ඩන් ටෙනිස් ශූරතාවය 7 වරක් දිනා ගැනීමට සමත්ව තිබුණා.

මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට චෙක් ජනරජයේ Barbora Krejcikova ඊයේ (13) සමත් වුණා. ඒ, අවසන් මහා තරගයෙන් ඉතාලියේ Jasmine Paolini තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...