ලකුණු 42 ක ජයකින් ඉන්දියාව තරග 4-1 ක් ලෙස තරගාවලිය දිනයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති 5 වැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

හරාරේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.

Dion Myers ලකුණු 34 ක් රැස් කළ අතර, Tadiwanashe Marumani හා Faraz Akram ලකුණු 27 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී මුකේෂ් කුමාර් ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගත්තා. ශිවම් ඩූබේ කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 25 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 45 කින් ලකුණු 58 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහරක් සමගින්.

ශිවම් ඩූබේ ලකුණු 26(12) ක් හා රියාන් පරාග් ලකුණු 22(24) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Blessing Muzarabani ලකුණු 19 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...