Watch : මංගල ටෙස්ට් ඉනිමේ දී පන්දු 4 ක් තුළ ඇට්කින්සන් දවා ගත් කඩුලු 3 මෙන්න

Date:

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල තරගයේ පළමු ඉනිමේ දී ම කඩුලු 7 ක් දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ගස් ඇට්කින්සන් අද(10) සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී යි ඔහු එම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

සිය ටෙස්ට් දිවියේ යොමු කළ දෙවැනි පන්දුවෙන්ම මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වූ ඔහු, පිළිවෙලින් ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්, Kirk McKenzie, Alick Athanaze, ජේසන් හෝල්ඩර් හා ජොෂුවා ද සිල්වාගේ කඩුලු දවා ගනිමින් සිය කඩුලු පහ සම්පූර්ණ කළා.

ඔහු සිය කඩුලු පහ සම්පූර්ණ කිරීමට වැය කළේ පන්දුවාර 9කටත් අඩු සංඛ්‍යාවක් වීම විශේෂත්වයක්.

කොදෙව් ඉනිමේ 35 වැනි පන්දුවාරයේ දී ඔහු පන්දු 4 ක්  කඩුලු 3 ක් දවා ගැනීම ද කැපී පෙනුණා. (එහි දර්ශන පහතින්)

අනතුරුව අල්සාරි ජෝසප්ගේ හා ශමාර් ජෝසප්ගේ කඩුලු ද දවා ගත් ඇට්කින්සන් පන්දුවාර 12 ක් තුළ කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 45 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...