දෝනිගේ දියණියට අපයෝජන තර්ජන කළ පාසල් සිසුවා අත්අඩංගුවට

Date:

ඉන්දීය හිටපු නායක සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ දියණියව අපයෝජනයට ලක් කරන බවට තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

16 හැවිරිදි පාසල් සිසුවෙකු මෙලෙස ගුජරාට් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම සිසුවා තමා අදාළ තර්ජනය සිදු කළ බවට මේ වන විට පිළිගෙන ඇති බව ද සදහන්.

පසුගිය දා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 10ක පරාජයක් ලැබීමෙන් අනතුරුවයි මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිද වන සාක්ෂි දෝනිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට පණිවිඩයක් යොමු කරමින් ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය අපයෝජනයට ලක් කරන බවට මෙම සිසුවා විසින් මෙලෙස තර්ජනය කර තිබුණා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මහේන්ද්‍ර සිං දෝනි ඉහළ දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම මෙම තර්ජනයට හේතු වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...