අයි.සී.සී සභාපතිධූරයට නාමයෝජනා භාර ගැනීම 18 වනදා අවසන්

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) මීළග සභාපතිවරයා තෝරා ගැනිමේ නිළවරණ ක්‍රියාවලිය මේ වන විටත් සිදු වෙමින් පවතින බව එම කවුන්සලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය අද(12) සදහන් කළේ දෙසැම්බර් මස මුලදී ඊට අදාළ ක්‍රියාවලිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

නිළවරණයට ඉදිරිපත්වන්නන්ගේ නාමයෝජනා වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් ඔක්තෝබර් 18 වනදා වන විට ඉදිරිපත් කළ යුතු බව සදහන්.

අනතුරුව නිළවරණයට ඉදිරිපත් වීමට නම් අදාළ අපේක්ෂකයින්ට වෙනත් අයි.සී.සී අධ්‍යක්ෂවරයෙකුගේ අනුමැතිය ද හිමි විය යුතුයි.

එමෙන්ම අයි.සී.සී සභාපතිධූරයට පත්වීමටනම් අදාළ අපේක්ෂකයා ජගත් ක්‍රිකට් කවුන්සලයේ වත්මන් හෝ හිටපු අධ්‍යක්ෂවරයෙකු ද විය යුතුයි.

අයි.සී.සී සභාපතිධූරයේ කටයුතු කළ ශශාන්ක් මනෝහාර්ගේ ධූර කාලය පසුගිය ජූලි මාසයේ දී අවසන් වීමෙන් පසුව එය මෙතෙක් පුරප්පාඩුව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...