වැඩිම යෝකර් පන්දු යොමු කළ පස් දෙනා අතරට ඉසුරු උදානත්

Date:

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හරි අඩකට ආසන්න තරග සංඛ්‍යාවක් මේ වන විට  පවත්වා අවසන්.

දැඩි බලාපොරොත්තු සහගතව තරගාවලියට පිවිසි නම් දැරූ ඇතැම් ක්‍රීඩකයන් තවමත් සිය රිද්මය සොයාගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටියදී ඇතැම් නවක ක්‍රීඩකයන් හොඳින් දක්ෂතා දක්වමින් පසුවනවා.

තරග 27 ක් අවසාන වන විට මෙතෙක් තරගාවලියේ වැඩිම යෝකර් පන්දු ප්‍රමාණයක් යොමු කර ඇති පන්දු යවන්නන් පස් දෙනා පිළිබඳව තොරතුරු ඔබ හමුවේ ගෙන ඒමට අප තීරණය කළා.

පෙර පැවති තරගාවලියන්හී දී මෙම ලැයිස්තුවේ දක්නට ලැබුණු සුපුරුදු නමක්  මෙවරනම් දක්නට ලැබැන්නේ නැහැ.

ඒ ලසිත් මාලිංගගේ නමයි.

ඔහු මෙවර තරගාවලියට ක්‍රීඩා නොකිරීම ඊට හේතුව බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

තවත් සුවිශේෂී කරුණක් වන්නේ යෝකර් පන්දුව සිය ප්‍රධානතම අවිය බවට පත්කරගෙන සිටි ඉන්දිය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා හට මෙම ලයිස්තුවේ ඉඩක් වෙන් නොවීමයි.

මෙතෙක් තරගාවලියේ වැඩිම යෝකර් පන්දු ගණනක් යොමු කළ පන්දු යවන්නන් පස් දෙනා තමයි මේ.

05 : කාගිසෝ රබාඩා –
දිල්ලී කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන කාගිසෝ රබාඩා මෙතෙක් පැවති තරගවලට අනුව වැඩිම කඩුලු ලාභියාද වනවා. තරග හතකට සහභාගී වී ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 17 ක්. ඔහු තරගාවලියේ මෙතෙක් යොමු කර ඇති යෝකර් පන්දු ගනන 11 ක්.

04.) ඉසුරු උදාන
මංගල අයී.පී.එල්. තරගාවලිය නියෝජනය කරන ඉසුරු උදාන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවන් මේ වන විට තරග 4 ක් ක්‍රීඩා කිරීමට සමත්ව තිබෙනවා. එහිදී ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 6 ක්. එමෙන්ම මෙවර තරගාවලියේදී යෝකර් පන්දු 11 ක් යොමු කිරීමට ඔහු සමත් වී තිබෙනවා.

03. ශර්දුල් තාකූර්
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක‍යෙකු වන ශර්දුල් තාකූර් මේ දක්වා තරගාවලිය තුළ යෝකර් පන්දු 12 යොමු කිරීමට සමත්වී තිබෙනවා. තරග 7 ක් නියෝජනය කර ඇති ඔහු බිඳ හෙලා ඇති කඩුලු ගණණ 7 ක්.

02. ඩුවේන් බ්‍රාවෝ
අයි.පී.එල්. තරගාවලිය තුළ අත්දැකීම් සහිත තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඩ්වේයන් බ්‍රාවෝ මෙතෙක් පැවති තරගවලට අනුව වැඩිම යෝකර් පන්දු යොමුකල පන්දු යන්නන් අතර දෙවැනි ස්ථානය වෙන් කර ගැනීමට සමත්වී තිබෙනවා. චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන ඔහු යොමු කර ඇති යෝකර් පන්දු ගණන 14 ක්.

01. තන්ගරාසූ නටරාජන්
මෙවර තරගාවලියේ වැඩි කතා බහකට ලක්වූ නවක ඉන්දීය වේග පන්දුයවන්නෙකු බවට තමින්නාඩූ ක්‍රීඩක තන්ගරාසූ නටරාජන් පත්ව තිබෙනවා. ඒ ඔහු සතුව පවතින යෝකර් පන්දු යොමු කිරීමට ඇති සුවිශේෂී හැකියාව නිසයි. මෙවර සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරන නටරාජන් තරග 7 කට සහභාගී වී යොමු කර ඇති යෝකර් පන්දු ගණන 31 ක්. කඩුලු 7 ක් බිඳ හෙලීමට ඔහු සමත්වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...