පළමු T20 තරගයෙන් ඉන්දියාව පරදා සිම්බාබ්වේ පිලට ලකුණු 13 ක තියුණු ජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 13 ක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(6) සමත් වුණා.

හරාරේ හී දී පැවැති තරගයේ කාසිය‌ේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 115 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු‌ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 102 ක් පමණයි.

නායක ෂුබ්මන් ගිල් ලකුණු 31 ක් ලබා ගත් අතර, අවේශ් ඛාන් ලකුණු 16 යි. වොෂින්ටන් සුන්දර් ලකුණු 27 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට හුදෙකලා සටනක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටෙන්ඩයි චටාරා ලකුණු 16 කට කඩුුලු 3 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Clive Madande නොදැවී ලකුණු 29 ක් හා Dion Myers ලකුණු 23 ක් ලබා ගත්තා. Brian Bennett ලකුණු 22 කටත්, Wessly Madhevere ලකුණු 21 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. වොෂින්ටන් සුන්දර් කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 11 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...