මැතිව්ස්ගේ සටන අපතේ යයි ; අවසන් පන්දුවේ දී කොළඹට තියුණු ජයක් (දර්ශන සහිතයි)

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදා ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 199 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් පිලට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.

මොහමඩ් හැරිස් ලකුණු 56(32) ක් හා ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 47(36) ක් රැස් කළා. කමිදු මෙන්ඩිස් ලකුණු 36(16) කට දැවී ගිය අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 33(14) ක් ලබා ගත්තා.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට මහනුවර කණ්ඩායමට ලකුණු 20 ක් අවශ්‍යව තිබූ අතර, තිසර පෙරේරා යොමු කළ එම පන්දුවාරයේ තෙවැනි, සිව්වැනි හා පස්වැනි පන්දුවලට පිළිවෙලින් 6, 4, 6 ක් වාර්තා කරමින් මැතිස්ව් තරගයේ ජයග්‍රහනය ආසන්නයටම සිය කණ්ඩායම රැගෙන යාමට සමත් වුණා. (දර්ශන පහතින්)

කෙසේ වෙතත්, අවසන් පන්දුවට අවශ්‍ය වූ ලකුණු 3 ලබා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 26 කට කඩුලු 4 ක් දවා ගනිමින් මහනුවර කණ්ඩායමේ පාලනයට නතුව තිබූ තරගය සිය කණ්ඩායම දෙසට නතු කර දුන්නා.

පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් පිලිප්ස් පන්දු 43 කින් ලකුණු 70 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වනිදු හසරංග හා ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...