Watch : එක් පන්දුවාරයකදී කඩුලු 3ක් දවා ගනිමින් කොළඹට ජය ගෙන ආ මතීෂ

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26 කට කඩුලු 4 ක් දවා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද(6) සමත් වුණා.

මෙම සුවිශේෂී පන්දු යැවීම හේතුවෙන් දඹුල්ලේ පැවැති අදාළ තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදා ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට ද කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 199 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ෆැල්කන්ස් පිලට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.

කැන්ඩි ෆැල්කන්ස් ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී මතීෂ විසින් කඩුලු තුනක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ කමිදු ‌මෙන්ඩිස්, දසුන් ශානක හා වනිදු හසරංග යන පිතිකරුවන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...